නවකතා කලාව කොතනකද? නවකතාව ඉංග්‍රීසි භාෂාවෙන් හැදින්වෙන්නේ novel ලෙසයි. Novel යන වචනය ඉතාලි භාෂාවේ Novella යන පදයේ අග අකුරු දෙක හැලීමෙන් බිදී ආ වචනයකි. එහි අරුත 'නව ' හෙවත් ' අලුත් ' යන්නයි. සාමාන්‍ය ජනයා අතර' ජන කතා, ජාතක කතා ' ජනප්‍රියව පැවති යුගයක යම්කිසි අයකු විසින් අලුතින්ම නිර්මාණය කරන ලද නිර්මාණයන්හි වෙනසක් අවශ්‍ය වීම මෙම ' නව' යන පදයෙන් අර්ත ගැන්වේ. ඉංග්‍රීසියෙන් පළ වූ ප්‍රථම නවකතාව ලෙස සැලකෙන්නේ 1719 දී ඩැනියෙල් ඩිෆෝ විසින් රචිත ' රොබින්සන් කෲසෝ නැමැති ග්‍රන්ථයයි. ලාංකීය නවකතා කලාව බිහි වන්නේ හෙළ බසට අදුරු කාල පරිච්ඡේදයක් ආරම්භ වී තිබූ යුගයකයි. සිංහල සමාජය, සංස්කෘතිය බටහිර ගැති බවට පත් වෙමින් තිබූ කාල වකවානුවේදී පන්හිදෙන් හෙළ බස රැක ගැනීමේ නිහඩ මෙහෙවරක නිරත වූවෝද සිටියේය. ඒ අතරින් පුරෝගාමියෙකු වූ අලුත්ගමගේ සයිමන්ද සිල්වා විසින් සිංහල භාෂාවෙන් ප්‍රථම වරට නවකතාවක් රචනා කරන ලදී. ඒ 1905 දී පළ කළ 'මීනා' නවකතාවයි. සයිමන් නවගත්තේගමට පසුව සිංහල නවකතාවේ මුල් යුගයේ අවසාන භාගයේ පහළ වූ පියදාස සිරිසේන සූරීන් නවකතා කලාවට අනර්ඝ මෙහෙවරක් කළ අය...
Posts
අපේ විදිහ .....
- Get link
- X
- Other Apps
අපි ජීවත් වෙන්න ඕනේ අපිට ඕනේ විදිහටද? එහෙමත් නැත්තම් තව කාටවත් ඕනේ විදිහටද ? නොදැනුවත්වම උනත් අපි කරන්නේ තව කාට හරි ඕනේ විදිහට අපේ දේවල් කරන එක. ගොඩක් චූටිම කාලේ අම්මගේ බල කිරීමට බත් කාපු, තාත්තගේ බල කිරීමට තිත්ත උනත් අකමැත්තෙන් බෙහෙත් බීපු කාලයක් අපි හැමෝටම තියෙන්නේ. ස්කොලේ යන කාලේ යමක් කමක් තේරෙන වයසෙදි උනත් අපි දෙයක් තෝරගද්දි හිතන්නේ අපේ කැමැත්තට වඩා ට්‍රෙන්ඩ් එක වගේ දේවල් ගැන. 10 වසරට වගේ එද්දි අපිට සාමාන්‍ය පෙළට විෂයන් තෝරගන්න උනාම අපි බලන්නේ යාලුවෝ තෝරගෙන තියෙන්නේ මොන විෂයන්ද කියලා. සමහර වෙලාවට අපි කැමතිම විෂයන් අතෑරලා යාලුවෝ කරන සබ්ජෙක්ට් තෝරගන්න පෙළඹෙන අවස්ථා තියෙනවා. ඊළගට උසස් පෙළ කරන්න ගියාම. අද ලංකාවේ බහුතරයක් ළමයි වැඩිහිටියෝ කැමති දේ තමා කරන්නේ. පරිපාලන ක්ෂේත්‍රයට යන්න ආස, ලෝයර් කෙනෙක් වෙන්න කැමති ළමයෙක් ඉතින් සයන්ස්, මැත්ස් කරන්න යනවා. අන්තිමට වෙන්නේ තමන් අකමැති දෙයක් අකමැත්තෙන් ඉගෙන ගන්න ගිහින් කැම්පස් යන්න තිබ්බ හීනේ හීනයක්ම වෙන එක. එතනින් එහාට ගිහින් ජොබ් එකක් කරන්න ගියාම අපි වැඩිපුරම හිතන්නේ අපිට ලැබෙන පඩිය ගැන. පිළිගැනීම ගැන. අපි කරන රස්සාවෙන් අ...
වෛරස් එකක්.....
- Get link
- X
- Other Apps
වෛරස් එකක්..... කොවිඩ් නිසා ලෝකයේ ඇතිවුණු විපර්යාස,මිනිස්සු මූණ දෙන ආර්ථික,සමාජ ප්‍රශ්න මේ හැමදෙයක්ම අද නිතරම කතා බහට ලක් වන මාතෘකා වෙලා. කොවිඩ් හැදුණ පුද්ගලයෙක් දිහා සමාජය බලන්නේ හරිම අමුතු විදිහට. යම් පුද්ගලයෙක් වෛරසයට ගොදුරු වෙලා රෝහල් ගත වෙලා ප්‍රතිකාර කාලය ඉවර වෙලා නැවත නිවසට ආ විට අසල්වැසියන් ,නෑදෑයෝ ඒ ගෙදරට යන්න බයයි.ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශනිකයි වගේ කොවිඩ් කියන දේත් තමන්ට හැදෙනකම් විතරක් මිනිස්සු හැංගෙනවා.වෙන ඕනේ නෑ. මොන යම් හෝ ආයතනක යම් පිරිසකට වෛරසය ආසාධනය වීම නිසා නිරෝධනයට ලක් වීමට සිදු උනොත්? අසල්වැසියන් හැසිරෙන විදිහ. මේක හැමෝටම අමාරු කාලයක් .ඒක හැම මනුස්සයම තේරුම් ගත යුතු දෙයක්.කොයි වෙලාවේ කොවිඩ් මාරයා මිනිස් ජීවිතය බිලිගනීද කියලා අපිට කියන්න බෑ. යාන්ත්‍රික ලෝකේ තවත් යාන්ත්‍රික වුණා වගේ මට පේන්නේ.මිනිස්සු ගෙවල් වලම ඉන්න පුරුදු වෙලා. එක පැත්තකින් අත්‍යවශ්‍ය සේවා කියලා ඩොක්ටර්ස්ලා, පොලිස්, ආරංශක සේවා එක දිගටම වැඩ.ඒ මිනිස්සු තමන්ගේ රාජකාරිය ඉවර කරල ගෙදර එන්නේ තමන්ට යන්න වෙන තැනක් නැති කමට වගේ. දැන් හැම මනුස්සයම වගේ කියන්නේ " අනේ මට හ...