වෛරස් එකක්.....
වෛරස් එකක්.....
කොවිඩ් නිසා ලෝකයේ ඇතිවුණු විපර්යාස,මිනිස්සු මූණ දෙන ආර්ථික,සමාජ ප්‍රශ්න මේ හැමදෙයක්ම අද නිතරම කතා බහට ලක් වන මාතෘකා වෙලා. කොවිඩ් හැදුණ පුද්ගලයෙක් දිහා සමාජය බලන්නේ හරිම අමුතු විදිහට. යම් පුද්ගලයෙක් වෛරසයට ගොදුරු වෙලා රෝහල් ගත වෙලා ප්‍රතිකාර කාලය ඉවර වෙලා නැවත නිවසට ආ විට අසල්වැසියන් ,නෑදෑයෝ ඒ ගෙදරට යන්න බයයි.ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශනිකයි වගේ කොවිඩ් කියන දේත් තමන්ට හැදෙනකම් විතරක් මිනිස්සු හැංගෙනවා.වෙන ඕනේ නෑ. මොන යම් හෝ ආයතනක යම් පිරිසකට වෛරසය ආසාධනය වීම නිසා නිරෝධනයට ලක් වීමට සිදු උනොත්? අසල්වැසියන් හැසිරෙන විදිහ. මේක හැමෝටම අමාරු කාලයක් .ඒක හැම මනුස්සයම තේරුම් ගත යුතු දෙයක්.කොයි වෙලාවේ කොවිඩ් මාරයා මිනිස් ජීවිතය බිලිගනීද කියලා අපිට කියන්න බෑ. යාන්ත්‍රික ලෝකේ තවත් යාන්ත්‍රික වුණා වගේ මට පේන්නේ.මිනිස්සු ගෙවල් වලම ඉන්න පුරුදු වෙලා. එක පැත්තකින් අත්‍යවශ්‍ය සේවා කියලා ඩොක්ටර්ස්ලා, පොලිස්, ආරංශක සේවා එක දිගටම වැඩ.ඒ මිනිස්සු තමන්ගේ රාජකාරිය ඉවර කරල ගෙදර එන්නේ තමන්ට යන්න වෙන තැනක් නැති කමට වගේ. දැන් හැම මනුස්සයම වගේ කියන්නේ " අනේ මට හැදුනත් කමක් නෑ ඒ වගේද ගෙදර ඉන්න දරු පැටව් " , " අපිට හැදුනට කමක් නෑ අපෙන් අම්මල තාත්තලාට බෝ උනොත් ඒ අයට ශුගර්, ප්‍රෂර් තියෙනවා, ඒ මදිවට වයසයි ". දැන් මිනිසුන්ගේ සිතුවිලි ඕක. කොයි වෙලාවේ මුළු රටම ලොක් ඩවුන් කරයිද දන්නෑ. සල්ලි භාගේ ඇති පදම තියෙන මනුස්සයා මුලු සුපර්මාර්කට් එකේම බඩු මාස 03 කට විතර ඇති වෙන්න හූරගෙනම යද්දි , අන්තිම මොහොතේ සතියකට බඩු ගන්න එන මනුස්සයට ගන්න දෙයක් ඉතුරු වෙලා නෑ. ඒ අස්සෙත් ගමේ ගොඩේ උන් කොස් ගෙඩියක් , පලා මිටියක් හරි හොයාගෙන කනවා , බොන වතුර වල ඉදන්ම සල්ලි දීලා අරන් ජීවත් වෙන ටවුමේ උන් . මිනිස්සු රජයෙන් දෙන රු. 5000 සහනාදාරේට පොරකන එක අරුමයක් නෙමේ.
මේ කරුම වසංගතයක් නිසා වැඩිපුරම දුක් විදින කොට්ඨාසයක් තමා ස්කෝලේ ළමයි. ගොඩක් දරුවන්ට ස්මාර්ට් පෝන් නෑ. කොහොම හරි සල්ලි එකතු කරල පෝන් එකක් ගත්තයි කියමුකෝ. ඊළගට මූණ දෙන ප්‍රශ්නේ තමා සිග්නල්. අර සිම් එක හොදයි මේක හොදයි.නොමිලේ ඩේටා දෙනවා.පැකේජ් තියෙනවා මේ මොන කතන්දර කිව්වත් හද්ද ඩොටේ ළමයි මාරම කට්ටක් කන්නේ මේ කාලේ මේ ඔන්ලයින් ඉගෙනගන්න. සමහර ගෙවල් වල ගෙවල් 4,5කට එකම පෝන් එක.
තෙල්,පොහොර වලට වියදම් කරලා නෙලා ගත්ත අස්වැනු ටික විකුණගන්න විදිහක් නැතුව ගොවි මහත්තුරු උද්ඝෝෂණ කරනවා. වැක්සින් එක විදගන්න ඒ අස්සේ අපේ රටේ උන් පොරකනවා. අපේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් මේ වෛරස් එකේ භයානක කම ගැන තාම දැනිලා නෑ. හරියට මාස්ක් එක නහය වැහෙන්න දාන්න බෑ. තමන්ගේ අත් දෙක පිරිසිදු කරගන්න බෑ.පාර්ටි දාන්න එපා කිව්වට මිනිස්සුන්ට තවම තේරෙන්නෑ. නැත්තම් දවසට 400-500 සංචරණ සීමා කඩ කරයිද?
දැන් සමහර මිනිස්සු ඉන්නේ කොවිඩ් හැදිලා මැරුණත් එකයි කියන ගානට. එදා වේල හම්බකරන් කාපු මිනිස්සු තමා මේකෙන් වැඩිපුරම බැට කන්නේ.රටේ පාලකයොත් ඉන්නේ කර කියා ගන්න නැති තත්වයක. මේ නොපෙනන වෛරස් එකක් එක්ක සටන් කරන්න ශක්තියක් කාටවත්ම නෑ.ලංකාවේ මිනිස්සු පව්. ලංකාවේ විතරක් නෙමේ මුළු ලෝකේම මිනිස්සු පව්. දැන් මිනිස්සු හැමෝම රොබෝලා වගේ ජීවත් වෙන්නේ.
Good Article
ReplyDelete